සිංහල (Sinhalese)
ඔබ ඔබේ බිල්පත් ගැන වදවන්නේ ද?
ඔබේ කුලී, උකස්, ක්‍රෙඩිට් කාඩ්, කාර් ණය, උපයෝගිතා, සභා ගාස්තු හෝ පාසල් ගාස්තු ගෙවීම ඔබට අපහසුද?
ඔබ පවුලේ ප්‍රචණ්ඩත්වයට, සූදුවට හෝ සබඳතා බිඳ වැටීමකට මුහුණ දෙනවාද?
ඔබට මූල්‍ය උපදේශකයෙකුට සහය විය හැක
මූල්‍ය උපදේශකයින් මූල්‍ය දුෂ්කරතා ඇති පුද්ගලයින්ට නොමිලේ, ස්වාධීනව සහ විනිශ්චයෙන් තොරව සහාය ලබා දේ.
මූල්‍ය උපදේශකයෙකුට ඔබට පහත දේ තේරුම් ගැනීමට සහය වියහැක…
- බිල්පත් හා ණය
- ණය
- නිවාස ගෙවීම්
- දඩ
- උපයෝගිතා සහන
- වංචාවන්
- රජයේ ආධාර
- පාරිභෝගික සහ මූල්‍ය අයිතිවාසිකම්
- රක්ෂණ විකල්ප
මූල්‍ය උපදේශකයින් රාජ්‍ය නොවන ප්‍රජා සංවිධානවල සේවය කරයි. මෙම සේවාව නොමිලේ, රහසිගතව සිදුකරන අතර තමන්ගේ මූල්‍ය තත්ත්වය ගැන කනස්සල්ලට පත්වන ඕනෑම කෙනෙකුට ලබා ගත හැකිය. ඔබගේ දේශීය මූල්‍ය උපදේශන සේවාවෙන් පුද්ගල හෝ දුරකථන පාදක සහාය ලබා ගත හැක.
ඔබ මූල්‍ය උපදේශකයෙකු සමඟ කතා කරන විට ඔබට දැනුම්වත් බවක්, අවබෝධයක් ලබා ගැනීමට සහ ඔබට ඇති විකල්පයන් දැනගත හැකි වනු ඇත.
ඔබේ ප්‍රාදේශීය මූල්‍ය උපදේශක සමඟ කතාකිරීමට,
අමතන්න: 1800 007 007 (පෙ.ව.9.30—ප.ව.4.30, සඳුදා සිට සිකුරාදා දක්වා)
පිවිසෙන්න: www.ndh.org.au
පරිවර්තන සේවා ලබාගත හැක.
කුඩා ව්‍යාපාර හිමියන් සඳහා මූල්‍ය උපදේශන සේවය:
වික්ටෝරියා හි කුඩා ව්‍යාපාර හිමියන් සඳහා ඒ සඳහාම කැප වූ මූල්‍ය උපදේශන සහය සේවයක් ලබා ගත හැකිය.
සේවාවට අඩංගු වන්නේ:
- 1800 413 828 ඔස්සේ කුඩා ව්‍යාපාර සඳහා ණය උපකාරක අංකය අමතන්න නැතහොත් ඔන්ලයින් චැට් සඳහා මෙතැන ක්ලික් කරන්න.
- 1300 375 330 ඔස්සේ Partners in Wellbeing අමතන්න් නැතහොත් ඔන්ලයින් චැට් සඳහා මෙහි ක්ලික් කරන්න.